හානි වූ වගාවන්ට වන්දි ගෙවීම

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මේ වන විට ගංවතුර හේතුවෙන් හානියට පත් වූ වගාවන් පරීක්ෂා කිරීම අවසන් කර ඇති බවයි.

හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර තිබෙනවා

ඒ අනුව, මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි මුදල් නිදහස් කර ඇත.

එමෙන්ම, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත් සඳහා වන වගා හානි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, ඒ සඳහා ගොවීන් 3272 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 70ක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදු කිරීමට නියමිතය.

ඒ අක්කර 4324.06ක ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා වේ.

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *