හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹෙයි!

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, එක්දින සේවාව ලබා ගැනීමට නොහැකි වූ පිරිස් වෙනුවෙන් හෙට (30) විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාල වෙත පැමිණ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට දිනයේදී එම පහසුකම හිමි වේ. අදාළ සියලු ලේඛන සහිතව පැමිණීමෙන් මෙම විශේෂ අවස්ථාව යටතේ හැඳුනුම්පත් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.​ලබන අඟහරුවාදා (මාර්තු 31) සිට සුපුරුදු පරිදි බත්තරමුල්ල සහ පළාත් කාර්යාලවල එක්දින සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. කෙසේ වෙතත්, තොරතුරු සත්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන ඇතුළු අනෙකුත් සේවාවන් තවදුරටත් සීමා සහිතව පවතින බැවින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඒ සඳහා විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ඉල්ලීමක් කෙරේ. සියලු සේවාවන් පද්ධතිය හරහා පූර්ණ ලෙස යථාවත් කිරීමේ කටයුතු මේ වන විටත් අවසන් අදියරේ පවතින බව වාර්තා වේ.​දෙපාර්තමේන්තුවේ පෙරටු කාර්යාලය සහ සාමාන්‍ය සේවා කටයුතු ලබන අප්‍රේල් මස 06 වැනි සඳුදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය. පද්ධතියේ අලුත්වැඩියාවන් හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව මගහරවා ගැනීම සඳහා හැකි ඉක්මනින් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇත. එබැවින් හෙට දිනයේ සිට අදාළ කාලසටහනට අනුව සේවා ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව පවතී.

What's your reaction?

Related Posts

1 of 1,071

Leave A Reply

Your email address will not be published. Required fields are marked *