හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (25) කල් ලබාදී තිබෙනවා.

ඒ, පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳවයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 09 වනදා තෙක් අධිකරණ විසින් කල් ලබාදී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *