හෙටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුමක් – අනිද්දා සිට කාලගුණයේ වෙනසක්!

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හෙට (01) දිනයේදීත් තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් එළිමහන් කටයුතුවල නිරත වීමේදී සැලකිලිමත් වන ලෙස කාලගුණ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.​කෙසේ වෙතත්, දැනට පවතින මෙම වියළි සහ උණුසුම් කාලගුණික රටාවෙහි යම් වෙනසක් අනිද්දා (02) දිනෙන් පසුව සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පුරෝකථනය කරයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පවතින දැඩි වියළි ස්වභාවය පහව ගොස් කාලගුණයේ යම් සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *