ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට රජය ගත් තීරණයට සමගාමීව, හෙට (ජනවාරි 16) සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. වෙළඳ අමාත්‍යාංශය විසින් ආනයනික කිරිපිටි මිල අඩු කිරීම නිවේදනය කිරීමත් සමඟ මෙම සහනය පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගෙන ඇත.ඒ අනුව, කිලෝග්‍රෑම් 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 125 කින් සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවක මිල රුපියල් 50 කින් පහත දමා තිබේ. මෙම මිල සංශෝධනයට අනුව දිවයින පුරා පිහිටි සියලුම ආපනශාලාවල කිරි තේ මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.


























