හෙට සිට දිවයිනේ කාලගුණය වෙනස් වෙයි: වැසි සහ අකුණු අනතුරු පිළිබඳ අවවාදයක්!

පසුගිය දිනවල පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය හෙට (02) සිට යම් වෙනසකට ලක්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික උණුසුම් තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති අතර, සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මීට අමතරව, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල රැඳී සිටීමේදී මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *