හෙට සිට වැසි තත්වයේ අඩු වීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රධාන ජලාශවලින් ජලාශ 33 ක් මේ වන විට වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දැනට පවතින වැසි තත්වයේ අඩු වීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර , සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල , මාතර හා මහනුවර දිස්ත්‍රික්ක වලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 
 

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *