හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට…

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් සියයකට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

තංගල්ල නගරය ආශ්‍රිතව පොලීසිය කළ රථ වාහන පරීක්ෂාවකදී එම තොගය සොයා ගෙන ඇත.

එහි තිබී අයිස් කිලෝග්රෑම් 65 ක් සහ හෙරොයින් කිලෝග්රෑම් 52 ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි.

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *