ළිඳකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

යාපනය ,පුංකුඩතිව් ,මඩත්තුවේලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් භූමියේ පිහිටි ළිඳක තිබී කත්නාත මළසිරුරක් අද (05) උදෑසන ගොඩගත් බවට කයිට්ස් පොලීසිය පවසනවා.

මඩත්තුවේලි මුරුගන් හින්දු කෝවිල් භූමිය තුළ පිහිටා ඇති ළිඳ තුල කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවසියෙකු විසින් කයිටිස් පොලීසියට කරන ලද දැනුම් දීමකින් පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ මළසිරුර ළිඳෙන් ගොඩට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව ළිඳ තුලට වැටුණු ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ළිඳට පැන සියදිවි හානිකර ගත්තෑදැයි යන්න පිළිබඳව සෙවීමට ද පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මඩත්තුවේලි ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.

අප වාර්තාකරු පැවසුවේ මළසිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ පශ්චත් මරණ පරික්ෂණය සඳහා යෙමු කර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *