බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සඳහා දැඩි අකුණු අනතුරු පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (13) මධ්‍යහ්නයේ නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11 දක්වා වලංගු වන අතර, එම පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. මීට අමතරව, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.


























