අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු දැලේ

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙන 46 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. පෙබරවාරි 21 වන දින අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු බෙරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු 2009 වසරේ ලබාදුන් පොදු සමා කාලය තුළ නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ අයෙකු බව අනාවරණය වී ඇත. අපරාධය සිදු කිරීම සඳහා භාවිත කළ බවට සැකකෙන ජංගම දුරකථනයක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ. පසුගිය පෙබරවාරි 13 වන දින මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් වෙඩික්කරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *