අගමැතිනිය යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම සහ චීන වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි.

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදෙස් නියෝජිත පිරිස් අතර විශේෂ රාජතාන්ත්‍රික හමුවීම් දෙකක් මැයි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීය.

මේ අනුව පළමුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම හමුවිය. මෙම හමුවේදී ද්විපාර්ශවික සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්ථනයන් සඳහා සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. 

ශ්‍රී ලංකා දූත කණ්ඩායමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කොළඹ මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ (NPP) නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.

එම හමුවෙන් අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා අග්‍රාමාත්‍යවරිය හමුවූ අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහයෝගීතාව සහ වෙළඳ සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා සහ චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් (ද්විපාර්ශ්වික) දර්ශන එම්. පෙරේරා මහතා සහ එම අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන මහත්මිය මෙම හමුවට එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *