අගමැති හෙට ඉන්දියාවට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2025 ඔක්තෝබර් 16 සිට 18 දක්වා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතය.​මෙම සංචාරය අතරතුරදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉහළ මට්ටමේ හමුවීම් කිහිපයකට සහභාගී වීමට නියමිතය.​ඔක්තෝබර් 17 වැනිදා NDTV සහ චින්තන් පර්යේෂණ පදනම එක්ව සංවිධානය කරන NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී වෙනස මෙහෙයවීම” (“Steering Change in Uncertain Times”) යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීමටද ආචාර්ය අමරසූරිය මහත්මිය අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 790

Leave A Reply

Your email address will not be published. Required fields are marked *