අතහැර දමා තිබූ සමූපකාරය යළි ගොඩනගනවා..

රනිල් වික්‍රමසිංහගේ බටලන්ද කතාව යට ගිහින්තිබුණේ…

රෝහල් පද්ධතියේ අඩුපාඩු තියෙනවා තියෙනවා. ඒ නිසයි අනුරාධපුරේ එවැනි සිදුවීමක් වුණේ..

හිටපු වැඩ බලන පොලිස්පති දේශබන්දුට හැංගිලා ඉන්න බෑ..
අපි යුක්තිය මෙහෙයුම වගේ මාධ්‍ය සංදර්ශන දාන්නේ නෑ..

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා..
…………………………….
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව
ශ්‍රී ජයවර්ධනරපුර කෝට්ටේ සීමාසහිත විවිධසේවා සමූපකාර සමිතියට අයත් සමිති පරිශ්‍රයන් පිරිසිදු කිරීම

අමාත්‍ය චතුරංග අබේසිංහ
මාධ්‍ය වෙත අදහස් පල කලා

අත් හැර දමා තිබූ භූමියක් පිරිසිදු කර නැවත භාවිතා කරන්න අද කටයුතු කරනවා.සමූපකාර පද්ධතියේ අඩුපාඩු සකස් කරලා පොදු වැඩපිලිවෙලක් සකස් කිරීම අරමුණයි.එලැබෙන අවුරුදු සමයේ වෙලද ප්‍රදර්ශණයක් මේ ස්ථානයේ පැවැත්වෙනවා.සමූපකාර ක්‍රමයේ වෙනසක් කිරීම අපේ අරමුණක්.
යුරෝපා රටවල බැංකු පද්ධතියේ බහුතරයක් සමූපකාර බැංකු.
ඒ නිසා සමුපකාර ගැන අපි අවධානය යොමු කර තිබෙනවා.

බටලන්ද කතාව හැංගිලා තිබුනු කතාවක්.රනිල් වික්‍රමසිංහට තියන චෝදනාව යට ගිහින් තිබෙනවා මිස මානව හිමිකම් කඩ කිරීම ගැන ප්‍රබල වාර්ථාවක් තමයි බටලන්ද වාර්ථාව .කවුරුත් ඒක පාර්ලිමේන්තුවට දැම්මේ නෑ.
රාජ්‍ය ත්‍රස්ථවාදය ගැන අදහසක් ගන්න පුලුවන් බටලන්ද වාර්ථාව හරහා.

රෝහල් පද්ධතියේ අඩුපාඩු තිබෙනවා.ඒ නිසයි මේ අනුරාධපුර සිදුවීම සිදු උනේ.
ආරක්ෂක ක්‍රම ගැන හිතන්න ඕන.රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන

යමෙක් සාධාරණ දෙයක් කලා නම් යුක්ති ගරුක දේ ඉදිරියට ඒම.හැංගිලා ඉදලා කරන්න බෑ.අපේ රටේ චූදිතයන් හොරු තක්කඩි අධිකරණා මගහැරි කාලයක් අපි දැක්කා.ඒ නිසා මේ ආණ්ඩුව එක්ක ඒ සෙල්ලම කරන්න බෑ.ඒක තේරුම් ගන්න ප්‍රථම කෙනා වේවි හිටපු පොලිස්පති තුමා.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *