අත්‍යවශ්‍ය සේවා ගැටලුවලට කඩිනම් විසඳුම්: 1904 ක්ෂණික අංකය හඳුන්වා දෙයි

රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී මහජනතාවට ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීමේ අරමුණින් 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇත. මෙම නව සේවාව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් ස්ථාපිත කර තිබේ.​විදුලිය, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ජල සැපයුම, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සේවා ඇතුළු, අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද සියලුම අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීම සඳහා මෙම ක්ෂණික අංකය භාවිතා කළ හැකිය.​මෙම නව වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත්තේ හදිසි අවස්ථා හෝ සේවා බිඳ වැටීම් වලදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම, වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ ගැටලුවලට කාර්යක්ෂම විසඳුම් ලබා දීම සහතික කිරීම සඳහා ය.​1904 වෙත ලැබෙන සියලුම ඇමතුම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් භාර ගනු ලැබේ. එහිදී පැමිණිලි කඩිනමින් පරීක්ෂා කර, ප්‍රමුඛතාවය ලබා දී, කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශයන්හි ක්‍රියාත්මක කණ්ඩායම් වෙත යොමු කිරීම සිදුවේ.​කඩිනම් විසඳුම් සඳහා පහසුකම් සැලසීම පිණිස, පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් යුතුව භාවිතා කරන ලෙසත්, නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත් ය.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *