දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම අද දිනයේදීත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම, ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති.
උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
වැඩිහිටි පුද්ගලයින් සහ ළමුන් ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කළ යුතුයි.