අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි…

බස්නාහිර , සබරගමුව , වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.

තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

What's your reaction?

Related Posts

1 of 707

Leave A Reply

Your email address will not be published. Required fields are marked *