අද ඉඳලා දින කිහිපයක්.. දිවයිනේ සිදුවෙන භයානක දෙයක්.. විමසිල්ලෙන්ම ඉන්න..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අද (04) සිට දින කිහිපයක් දිවයින පුරා වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම හෝ අහිතකර මට්ටම දක්වා ඉහළ යා හැකි බව යි.

ඒ බව නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාවේ සදහන් වේ.

තවද, එහි සදහන් වන්නේ අද දවස පුරා වායු ගුණ තත්ත්ව දර්ශකය 85 ත් 128 ත් අතර අගයක පැවතිය හැකි බවයි.

කෙසේ වෙතත්, එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය මත මුඛ ආවරණ පළදින ලෙසයි.

එමෙන්ම, සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *