අද උතුරු, නැගෙනහිරට වැසි; සෙසු පළාත්වලට ද ප.ව. 1න් පසු තැනින් තැන වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (දින) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.​අපරභාග 1.00 න් පසු බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.​මේ අතර, මුලතිව් සිට පොතුවිල් දක්වා, කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.​සුළං ඊසාන දිශාවෙන් හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර, වේගය පැ.කි.මී. 20-30 අතර වේ. කන්කසන්තුරයේ සිට පුත්තලම දක්වා මන්නාරම හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.​කන්කසන්තුරයේ සිට පුත්තලම දක්වා මන්නාරම හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැක. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සුළු වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *