මේ අයවැයෙන් නිවැරදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන කුඩා දරුවාගේ සිට තරුණ පරපුරේ සිට වැඩිහිටි පරපුර දක්වා අතිභයංකාර තත්ත්වයක් මතුව තිබෙන බවත් පාතාල කල්ලි හෝ මත්ද්‍රව්‍ය නිසා හෝ අධිකරණ සංකිර්ණයකට ඇතුළු වී මිනිමරන්න තරම් ඒ මිනිමරුවන්ට බියක් සැකයක් ඇති නොවන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් නීතිය රජවනවා නම් යුක්තිය රජවනවා නම් අපරාධකරුවන් අපරාධ කරන්න බිය වෙන බවත් මේ මිනිමරු දූෂණ ළමා අපචාර මංකොල්ලකෑම් මේ ජන සමාජයේ සිදුවන අපරාද ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වර්තමානයේ මිලේච්ඡත්වය රජවන මිනිමැරුම් සංස්කෘතිය ක්‍රියාත්මක වෙන යුගයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට මේ රජයේ සාමාජිකයන්ට පවා උපකාරක පන්තිවලට යාමට සිදුව ඇති බවත් ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බවත් මෙවැනි මිනිමැරුම් කල්ලි නිදහසේ සැරිසරන තාක්කල් බියක් සැකක් නැතිව සිටින තාක්කල් රටේ ජනතාවට සාමකාමීව නිදහසේ සිටින්න නොහැකි බවත් මිනිමරුවන්ට ජනතාවගේ නිදහස නැති කරන්න දිය නොහැකි බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය රටේ යුක්තිය හා සාධාරණත්වය ඇති කර නීතිය හා සාමය ස්ථාපිත කරන්න උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ යටියන්තොට තිබූ ජන හමුවක් අමතමිනි.
බොහෝ දක්ෂ ලෙස ජනතාව අන්දවමින් සිටින බවත් අද වන විට බලාපොරොත්තු සුන් වූ අපේක්ෂා භංගත්වයට පත් වූ පුරවැසියන් රටේ ඇති බවත් නීතිය හා සාමය ක්‍රියාත්මක වෙයි ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙයි කියන අපේක්ෂාව ජනතාවට තිබූ බවත් වැවිල කර්මාන්තය කෘෂිකර්මාන්තය නිෂ්පාදනය, ස්වයං රැකියා ක්ෂේත්‍රය ඇතුළු ජන සමාජයේ සෑම කොට්ඨාසයකටම බලාපොරොත්තු රැසක් ලබා දුන්නත් අද වන විට ජනතාව අතිශය පීඩනකාරී අසහනකාරී ජීවිතයක ජීවත් වෙන බවත් ජීවන බර උහුලා ගත නොහැකි බඩු මිල දරාගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ පීඩනයෙන් ජනතාව මුදවා ගන්න ආදායම් වැඩි කළ යුතුයි
අද රටේ ජනතාව විශාල ජීවන බරකින් පෙළෙන බවත් ජිවන බර වැඩි වෙන්න වැඩි වෙන්න රටේ අසහනය වැඩි ව ජනතාව පීඩාවට පත්ව ඇති බවත් මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් ජනතාවගේ ආදායම් වැඩි කළ යුතු බවත් ඒ සදහා නිෂ්පාදනයට අපනයනය ජනතාව යොමු කළ යුතු බවත් වගා නොකළ මුඩු ඉඩම් රැකියා විරහිත තරුණයන්ට ලැයිම්වල සිටින ජනතාවට ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු බවත් ඒ කාර්ය ඉටු කරන්න මේ රජය උනන්දු නොමැති බවත් අපනයන ප්‍රවර්ධනයට පැහැදිලි වැඩපිළිවෙළක් රජයට නොමැති බවත් නිරතුරුවම ජනතාවට බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය