අද දහවල් පසු බොහෝ ප්‍රදේශවලට තද වැසි!

අද දහවල් 1.00 න් පමණ පසුව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැක. මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයකදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළං වයඹ හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. ගාල්ලේ සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැක. ගාල්ලේ සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 834

Leave A Reply

Your email address will not be published. Required fields are marked *