අද දිනයේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.මුහුදු ප්‍රදේශ පිළිබඳව සැලකීමේදී මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක් පවතිනු ඇත. සුළඟ නැගෙනහිර හෝ ඊසාන දෙසින් පැයට කිලෝමීටර් 20-30ක වේගයෙන් හමා යන අතර, මන්නාරමේ සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවිය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට මධ්‍යම ප්‍රමාණයට රළු විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


























