අද දිවයිනේ ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.​දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. මුහුදු ප්‍රදේශවල සුළඟ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 25-35ත් අතර වේ. නමුත් කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මදක් රළු ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *