අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

​අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.​දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක් පවතිනු ඇත. සුළං ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 30-40ත් අතර වේ. කෙසේ වෙතත්, කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45-50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,007

Leave A Reply

Your email address will not be published. Required fields are marked *