අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

අද (18) පස්වරු 2.00 න් පමණ පසුව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැක. උදෑසන කාලයේදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැළකීමේදී, ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ ගිනිකොන දෙසින් හෝ වෙනස් වන දිශාවන්ගෙන් පැයට කිලෝමීටර් 20-30 ක වේගයකින් හමා යන අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක් ගනු ඇත. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,054

Leave A Reply

Your email address will not be published. Required fields are marked *