අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද(31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක පහළ යාමක් දකින්ට ලැබේ.

මෙවන් තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි.

පසු ගිය මාසයේ ඉන්ධන මිල අඩුකිරීමක් සිදු කළද මෙරට වැඩි පිරිසක් භාවිතා කරන ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු වූයේ නැත.

කෙසේවෙතත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබීය.

එහි නව මිල වන්නේ රුපියල් 183කි.

අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාසයේ ප්‍රකාශ කළේ ය.  

ඒ අනුව පසුගිය ආණ්ඩුව ඉන්ධන වලට විශාල බද්දක් පනවා පාරිභෝගික ජනතාවගෙන් සූරාකෑමක් සිදුකරන බවට වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර සඳහන් කළ අතර, ඒ අනුව එම බද්ද ඉවත් කිරීමෙන් ඉන්ධන මිල විශාල ගණනකින් අඩු කළ හැකි බවද ඔවුන් ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණඩුවට 3න් 2කටත් වඩා වැඩි බලයක් මේ වන විට රටේ ජනතාව ලබාදී ඇත.

එමනිසා නව වසරේ මෙම මාසයේ අද දිනයේ සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව ජනතාවට දැනෙන ගණනකින් ඉන්ධන මිල ගණන් අඩු කරනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවෙයි.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *