ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය (Arthur C. Clarke Institute for Modern Technologies) නිවේදනය කරන්නේ අද රාත්‍රියේදී සුපිරි සඳක් (Supermoon) දැකගත හැකි බවයි. මෙය සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා දැඩි ලෙස විශාලත්වයෙන් සහ දීප්තියෙන් යුක්ත වනු ඇත.ආයතනය පවසන පරිදි, සුපිරි සඳ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 14%කින් පමණ විශාලව දිස්වන අතර, 30%කින් පමණ දීප්තිමත්ව බබළනු ඇත. සඳෙහි ඉලිප්සාකාර කක්ෂය හේතුවෙන් එය පෘථිවියට සමීප වීමත්, (මෙවර කිලෝමීටර් 356,980ක් පමණ දුරකින්) සම්පූර්ණ සඳ එළිය ඇතිවීමත් යන කරුණු සමගාමීව සිදුවීම නිසා වසරකට කිහිප වතාවක් මෙවැනි සිදුවීම් ඇතිවේ. වසරේ විශාලතම සුපිරි සඳ වන අද දින පෝය, සාමාන්‍ය දිනවලට වඩා වැඩි වඩදිය තත්ත්වයක් (tides) වෙරළබඩ ප්‍රදේශවල ඇති කිරීමට ද හේතු විය හැකිය. සුපිරි සඳ, පූර්ණ චන්ද්‍රයා සහ අමාවක යන අවස්ථා දෙකේදීම ඇතිවිය හැකිය.






















