අද සවස් කාලයේ තැනින් තැන වැසි

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, අද පස්වරු 2.00 න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.​මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ගත් කල, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු තීරයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැක. සුළං නැගෙනහිර දෙසින් හෝ වෙනස් වන දිශාවන්ගෙන් පැයට කිලෝමීටර් 20-30 ත් අතර වේගයකින් හමා එන අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක් ගනු ඇත. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.

What's your reaction?

Related Posts

1 of 1,053

Leave A Reply

Your email address will not be published. Required fields are marked *