අද 12 වන දින දහවල් පුජ්‍ය අක්මීමන දයාරතන නා හිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ සිසුන්ට සිදුවූ අසාධාරණ අකටයුතුකම් සම්බන්ධයෙන් දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුව

අක්මීමන දයාරතන හිමි

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය මේ වෙනකොට වහලා තිබෙනවා

අනිත් විශ්ව විද්‍යාලවල බලන්නේ ශිෂ්‍යයන්ව ඉදිරියට යවන්න. දෙමළ විශ්ව විද්‍යාල ගත්තොත් ඔවුන්ව කොහොමද ඉහළට යවන්නේ කියලා. මුස්ලිම් විශ්ව විද්‍යාල වල අයත් බලන්නේ ඔවුන්ගේ අයව ඉදිරියට යවන්නේ කොහොමද කියලා සහ රටට වැඩ කරන්නේ කොහොමද කියලා.

භික්ෂූන් වහන්සේලාත් බලන්න ඕනේ කොහොමද ඉදිරියට යවන්නේ කියලා

භික්ෂූ ශාසනයට කොහොමත් ප්‍රශ්න ඇතිවෙලා. ශාසනවලට ළමයි හොයාගන්න විදියක් නෑ. බුද්ධාගම ඉදිරියට යවන්න .
ඉස්සර දානෙකට පිංකමකට හාමුදුරුවන් විශාල ප්‍රමාණයක් වඩිනවා. දැන් පවුලකින් ළමයෙක් හොයාගන්න විදියක් නෑ සාමණේර හාමුදුරුවන් අඩුවෙලා තිබෙනවා සාසනයේ.

මහා නායක හාමුදුරුවෝ මේ අර්බුදකාරී ශාසනට ඇතිවෙලා තියෙන තත්වේ කොහොමද ඉදිරියට ගෙනියන්න කියලා සාකච්ඡා කළ යුතුයි.

භික්ෂූන් වහන්සේලාගේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්.
භික්ෂූන් වහන්සේලාගේ විනය ඇතිකරගෙන යන්න යම් යම් වැඩපිළිවෙළක් තිබෙනවා.
භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා වෙච්ච භික්ෂූන් වහන්සේලා නොවේ.
හාමුදුරුවරුන්ගේ වැඩක් තමයි සාකච්ඡාවක් කරලා මේ ආකාරයෙන් තමයි විනයක් තියෙන්නෙ කියලා සාකච්ඡා කළ යුතුයි.

තරුණ භික්ෂූන් වහන්සේලා කැමති නෑ අතකොළුවට ගන්නවට. පරිපාලනය කරන්න බැහැපිය එළියට කියලා කියන්න විදිහක් නැහැ භික්ෂූන් වහන්සේලාට.

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට රජයෙන් ලැබෙන්නේ 4000යි.
බස් එකට කියලා තව රුපියල් 250ක් කපනවා.
උන්වහන්සේලා පීඩාවට ලක් වුණාම උන්වහන්සේලාත් බලාගෙන ඉන්නේ අපිට ප්‍රශ්නයක් ආවම ඒ වෙනුවෙන් නැගි සිටිනවා.

නවක භික්ෂූන් වහන්සේලාට නවක වදය දුන්නා කියලා භික්ෂූන් වහන්සේලාගේ ශිෂ්‍යභාවය තහනම් කරලා ශිෂ්‍යභාවය අහෝසි කරලා තියෙනවා. ඒවා බරපතළ ප්‍රශ්න.

උපකුලපති හාමුදුරුවෝ නිසාම විශාල ප්‍රශ්න තියෙනවා ටෙන්ඩර් පටිපාටියකින් තොරව ආභ්‍යන්තර භාණ්ඩ එළියට දීලා ලොකු ප්‍රශ්න තියෙනවා උන්වහන්සේට.
මීට වඩා උපකුලපති උන්වහන්සේ හොඳින් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා

උසාවි නියෝග අරගෙන එකපාරට එළියට දැම්මම භික්ෂූන් වහන්සේලා කොහොමද ගම්පළාතට පන්සල් වලට යන්නේ. උන්වහන්සේලා අසරණ වෙනවා.
වැස්ස වෙලාවේ එළියට දාලා තියෙන්නේ උන්වහන්සේලා කූඩාරමක ඇතුලේ එදා රෑ ඉන්නේ වැස්සේ.
උන්වහන්සේලාට දානෙ නෑ. ඇයි මෙහෙම වැරදි කරන්නේ ?
ඔබවහන්සේගේ පෞද්ගලික දේවල් නෙමේ මේවා
තරුණ වියේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් ටික ලබා දෙන්න කටයුතු කරන්න.

මේ ඉන්න හාමුදුරුවෝ ටික සිවුරු ඇරලා ගියොත් බෞද්ධ ශාසනයට මොකද වෙන්නේ?
උන්වහන්සේලාට වරප්‍රසාදයක් ලබා දෙන්න කටයුතු කරන්න.

ජෙරම් වගේ නටාසලා වගේ අය දාලා විනාශ කරන්න හදනවා බෞද්ධාගම.

මෙය අය නිදහස් වෙන්නත් ස්වාමීන් වහන්සේලා හිර වෙන්නත් ඇයි
මහනායක හාමුදුරුවෝ මේ ගැන සොයා බලා කටයුතු කරන්න ඕනේ

කෝ දළදා මාළිගාවට අගෞරව කරපු කට්ටියට නීතියෙන් දඬුවම් දුන්නද?

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ඉන්නවා බුද්ධ ශාසන අමාත්‍යාංශයට පුළුවන් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න .ප්‍රශ්න සඳහා ඒ අය එන්නේ නෑ.

රජයේ තිබෙන නිවාඩු නිකේතන මේ දිනවල පිරිලා. විවේකයක් නෑ ඒ ආයතන වලට.

ප්‍රශ්න තිබෙනවා නම් ත්‍රයි නිකාය වලට දැනුම් දීලා තීරණ ගන්න. එක එක්කෙනාට ඕනා හාමුදුරුවන්ලට මේවට වඩා තීරණ ගන්න බෑ.

2.
බටගල්ලේ පඤ්ඤාකිත්ති හිමි

භික්ෂු විශ්වවිද්‍යාලයෙන් භික්ෂූන් වහන්සේලා මේ විදිහට පන්නල දාන්න කටයුතු කිරීම ගැන අපට කිසිසේත්ම අනුමත කරන්න බෑ.

අවුරුදු විසි ගණන් වල ඉන්න භික්ෂු ශිෂ්‍යයන් ගැන වඩා සොයා බලා කටයුතු කරන්න. ඔවුන් පිරිහෙන්න පත් කිරීම අපේ කණගාටුව පළ කරනවා.
එම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය කරගෙන යාමට පහසුව සලකන්න කියා.
උසස් අධ්‍යාපනතුමිය මේ පිළිබඳව අවධානය යොමු කළොත් හොඳයි කියලා අපි කියනවා.

ශිෂ්‍යයන්ට ශිෂ්‍යභාවය හොඳින් කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කියා අපි ඉල්ලනවා.

3
වැහිගල ධම්මාලංකාර හිමි

හාමුදුරුවෝ කියන්නේ මේ සමාජයේ පිරිසක් ඒ පීඩනය දරාගෙන භික්ෂුත්වය තබාගෙන ඉදිරියට යන්න හදන පිරිසක්.

ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඉල්ලන ඉල්ලීම් සාධාරණයි කියලා අපිට තේරෙනවා. ඒ ඉල්ලීම් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.

හරදාහක් දෙනවා 250ක් කපාගෙන තුන්දහස් හත්සිය පනහයි දෙන්නේ ඒකෙන් කොහොමද ඉගෙන ගන්නේ.

4.
ඉහගම යසස්සි හිමි.

මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කෙනෙකු අනුරාධපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. උන්වහන්සේ එක ව්‍යංජනයක් වළඳගෙන අධ්‍යාපන කටයුතු කරන්නේ ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගතකරන්නේ.

අධ්‍යාපන කටයුතු ඉවර කරලා එක්කන් යන්ඩ පන්සලට එයි කියලා බලාගෙන ඉන්නේ. පන්සලත් පාලනය කරගන්න අමාරුයි. අපි පන්සලක් අරගෙන යන්නේ
ශිෂ්‍යයන් කෙරෙහි අනුකම්පා කරගෙන. බලාගන්න ඕනේ යහපත් භික්‍ෂු පිරිසක් සමාජයට දායාදා කිරීම තමයි යුතුකම.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *