අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍තෝලික උපදේශක මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

අධ්‍යාපන අමාත්‍යංශය රටේ පවතින ප්‍රධාන ආගම් නියෝජනය වන පරිදි උපදේශක කමිටු පත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව බෞද්ධ උපදේශක මණ්ඩලයට අදාල පත් කිරීම මීට පෙර සිදු කළ අතර නව ක‍තෝලික උපදේශක මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.

කතෝලික උපදේශක මණ්ඩලයට අදාල පත්වීම් වසර තුනක කාලයකට වලංගු වන අතර කතෝලික රදගුරු සංගමයේ අධ්‍යාපනය භාර සහ හලාවත පදවිය භාර රදගුරුතුමන් ඇතුළු සෑම පදවියකම ප්‍රසාදීන් වහන්සේලා විසිදෙනෙකුට (20) මෙහි දී පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි.

කතෝලික උපදේශක මණ්ඩලය කතෝලික අධ්‍යාපනය පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමියට අවශ්‍ය උපදේශකත්වය සපයන අතර අමාත්‍යාංශයේ සිදුවන කතෝලික ක්‍රියාකාරකම් සඳහා උපදේශන මණ්ඩලය සිය දායකත්වය ලබාදෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *