අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, ජනවාරි මාසයේදී දියත් කිරීමට අපේක්ෂිත ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනටමත් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇති බවයි. NASSCOM නායකයින් විසින් රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ, පුළුල් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස අමාත්‍යාංශ කිහිපයක්ම දැනටමත් තම ඩිජිටල්කරණ ක්‍රියාවලීන් ආරම්භ කර ඇති අතර ඉදිරි මාසවලදී නව පද්ධති හඳුන්වා දෙන බවයි.


























