අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ගම්පහ වික්‍රමාරච්චි ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර සාකච්ඡාවක්

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය තුළ  වර්තමානයේ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 

ගම්පහ වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විද්‍යායතනය 2021 වසරේ දී අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීමකින් තොරව, එවක පැවති රජය විසින් විශ්ව විද්‍යාලයක් බවට නම් කරන ලද අතර ඒ හේතුවෙන් වර්තමානයේ සිසුන් බොහෝ අධ්‍යයන,සුබසාධන ගැටලුවලට මුහුණ දෙන බව ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් ඉස්මතු කළ ගැටලු අතර විය. මෙහිදී අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළ කඩිනම් විසඳුම් සහ ගැටලු  නිරාකරණය කිරීමට අවශ්‍ය දීර්ඝ කාලින විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

What's your reaction?

Related Posts

1 of 616

Leave A Reply

Your email address will not be published. Required fields are marked *