අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුලක්: විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා!

වත්මන් රජය නිසි ක්‍රියාපටිපාටියකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම හේතුවෙන් මෙරට අධ්‍යාපනය දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් යුරෝපා සංගමයේ ආරක්ෂක ප්‍රොටෝකෝල අනුගමනය කරමින් අන්තර්ජාල අධ්‍යාපනය සඳහා ආරක්ෂිත රාමුවක් සකස් කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණ සඳහා ද එවැනි ආරක්ෂණ ක්‍රමවේද ඇතුළත් විය යුතු බව අවධාරණය කළේය. සුදු පත්‍රිකා හෝ හරිත පත්‍රිකා ප්‍රකාශයට පත් නොකර, විනිවිදභාවයකින් තොරව සහ නීති විරෝධී ලෙස මෙම වැඩසටහන හදිසියේ ක්‍රියාත්මක කිරීම අධ්‍යාපනය කඩා වැටීමට ප්‍රධාන හේතුව බවත්, මෙලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් සහ නිලධාරීන් වගකිව යුතු බවත් ඔහු සඳහන් කළේය.​ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා තාවකාලිකව ඉවත් කිරීමෙන් පමණක් මෙම ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත්, ඒ සඳහා ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේය. ඉතිහාසය විෂය ඉවත් කිරීම ඇතුළු බරපතල වැරදි රැසක් මෙම ප්‍රතිසංස්කරණ තුළ පවතින බවත්, නව තාක්ෂණය උපයෝගී කරගනිමින් නිසි ක්‍රමවේදයකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මීගම ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *