අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි: ගුරුවරුන් ලක්ෂයකට වැඩි පිරිසකට පුහුණුව අවසන්

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, හෙටින් ඇරඹෙන නව අධ්‍යයන වර්ෂයේදී 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලාවන් හඳුන්වා දීමට රජය සූදානම් වේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ 6 වන ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 21 වනදාත්, 1 වන ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29 වනදාත් මෙම නව වැඩපිළිවෙළ නිල වශයෙන් ක්‍රියාත්මක වන බවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අගමැතිනිය මේ බව අනාවරණය කළාය.​මෙම නව ක්‍රමවේදය හුදෙක් විෂය නිර්දේශ වෙනස් කිරීමකට පමණක් සීමා නොවන අතර, සිසුන් නව විෂය මාලාවට හුරු කරවීම සඳහා විශේෂ වැඩසටහන් ද සැලසුම් කර ඇත. මීට අමතරව, දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සිසුන්ට නිවැරදි ලෙස විෂයන් තෝරා ගැනීමට මග පෙන්වන නව උපදේශන ක්‍රමවේදයන් ද මේ යටතේ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබේ.​නව විෂය මාලාව පන්ති කාමරය තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගුරුවරුන් සන්නද්ධ කිරීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව ගුරු පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් පවත්වා ඇති අතර, ගුරුවරුන් 132,580ක් දැනටමත් පුහුණුව ලබා අවසන්ය. මෙය නව මොඩියුල යටතේ ඉගැන්වීම් සිදු කරන සමස්ත ගුරු ප්‍රජාවෙන් 93%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.​අධ්‍යාපන පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ද රජයේ දැඩි අවධානය යොමු වී ඇත. නවීන ඉගෙනුම් පරිසරයක් තුළ මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා පාසල් පද්ධතියේ පවතින අඩුපාඩු සපුරාලීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් කියා සිටියාය.

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *