අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අද පස්වරු 06 දක්වා බලපැවැත්වේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර යන ප්‍රදේශ – කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රදේශ – මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල යන ප්‍රදේශ – නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස අදාළ නිවේදනයේ දන්වා ඇත. මේ අතර අද දිනයේද සවස් කාලයෙහි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් බවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 01න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැක.

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *