අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය දැඩි වෙයි: 9,000කට දඩ!

​ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග තුළ අසුන් පටි (Seatbelts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියදුරන් සහ මගීන් 9,000කට ආසන්න පිරිසකට මේ වන විට දඩ නියම කර ඇති බව පොලිසිය පවසයි. පසුගිය වසරේ සැප්තැම්බර් 1 වනදා සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට මෙන්ම මගීන්ටද අසුන් පටි පැළඳීම අනිවාර්ය කර ඇති අතර, එම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම පිවිසුම් සහ පිටවීමේ ස්ථානවල විශේෂ පරීක්ෂාවන් සිදු කෙරේ. මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ අනතුරු සිදුවන අවස්ථාවලදී සිදුවන තුවාල අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *