අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් අද සිට

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අන්තර් හුවමාරු 35 ක් සහ පිටවීම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් සළසා ඇති අතර ඒ සඳහා නිලධාරීන්ද යොදවා ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දේ.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම සඳහා නව තාක්ෂණය යොදා ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ මෙ වන විට යථාර්ථයක් බවට පත් වී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *