අධිවේගී මාර්ගවල ගමන් කරන රථ වාහනවල සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින්, මෝටර් රථ වාහන පනත යටතේ සකස් කරන ලද විධාන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.අධිවේගී මාර්ගවල වැඩිවන අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ බරපතල තුවාල අවම කිරීමේ අරමුණින්, මෝටර් රථ වාහන පනතේ (203 වන වගන්තියේ බලය යටතේ) සකස් කරන ලද 2011 අංක 02 දරන මෝටර් රථ වාහන විධානය (අධිවේගී මාර්ග), 2025 සැප්තැම්බර් 25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය (අංක 2455/29) මඟින් සංශෝධනය කර ඇත.ඒ අනුව, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහනවල ඕනෑම අසුනක සිටින සෑම මගියෙකුටම ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.






















