අනන්‍යතාවය තහවුරු නොකළ සිම් පත් ලක්ෂ 9ක් අක්‍රිය කිරීමේ අවදානමක

​ශ්‍රී ලංකාව තුළ නිසි අනන්‍යතාව තහවුරු නොකළ ජංගම දුරකථන සිම් පත් (SIM) 900,000කට ආසන්න ප්‍රමාණයක් දැනට සක්‍රිය මට්ටමේ පවතින බවත්, අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ඒවා අක්‍රිය කිරීමට පියවර ගන්නා බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පද්ධතිය තුළ පවතින සිම් පත් 897,802ක නිසි අනන්‍යතාවක් නොමැති බවත්, 2019 සිම් පත් ලියාපදිංචි කිරීමේ රාමුවේ පැවති අඩුපාඩු මඟහරවා ගනිමින් නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. මීට අමතරව ව්‍යාපාරික සිම් පත් 245,811ක් භාවිතයේ පවතින අතර, ලියාපදිංචි නොකළ සිම් පත් මහා පරිමාණ මංකොල්ලකෑම් ඇතුළු බරපතළ අපරාධ සඳහා භාවිත වන බවට තොරතුරු ලැබී ඇත. අපරාධ මැඩලීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් පරීක්ෂණ සඳහා නිවැරදි ග්‍රාහක දත්ත අත්‍යවශ්‍ය බැවින්, නිසි පරිදි ලියාපදිංචි වී නොමැති පරිශීලකයින් වහාම තොරතුරු ලබාදිය යුතු බවත්, එසේ නොවන සිම් පත් අත්හිටුවීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *