කොළඹ පීපල්ස් පාර්ක් පරිශ්‍රයේ සිට හැටන්, නාවලපිටිය සහ ඩයගම යන ප්‍රදේශ දක්වා නීතිවිරෝධී ලෙස මගීන් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බස් රථයක් ඊයේ (11) රාත්‍රියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පරීක්ෂාවට ලක් විය. කිසිදු නිසි අවසර පත්‍රයකින් තොරව ධාවනය කිරීමට සැරසුණු මෙම රථය පිළිබඳව ලද තොරතුරකට අනුව ජංගම පරීක්ෂණ නිලධාරීන් සහ බැස්ටියන් මාවත පර්යන්තයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථය මගීන්ගෙන් නියමිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කර ඇති බවයි. එහිදී මගීන්ව දැනුවත් කිරීමට කටයුතු කළ නිලධාරීන්, බලපත්‍ර රහිතව ධාවනය කිරීමට තැත් කළ එම රථයට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.























