අන්තර්ජාල වෙළඳාමට සහ කුරියර් සේවාවලට අලුත් නීති: පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් රජයෙන් පියවර!

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පැවැති උත්සවයකදී අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට අන්තර්ජාලය හරහා සිදුකෙරෙන වෙළඳාම් (Online Businesses) සහ කුරියර් සේවා සපයන්නන් සඳහා නව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවයි. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ අඩු මිලට භාණ්ඩ ලබාදෙන ජාල බිහි වී ඇති නමුත්, ඇතැම් අවස්ථාවලදී පාරිභෝගිකයන්ට බලාපොරොත්තු වූ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.​මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට ගුණාත්මක භාණ්ඩ ලැබෙන බව තහවුරු කිරීමයි. ඒ අනුව, සියලුම ඔන්ලයින් අලෙවිකරුවන් විධිමත් පද්ධතියක් යටතේ ලියාපදිංචි විය යුතු අතර, භාණ්ඩ බෙදාහැරීමේ නිරත වන කුරියර් සේවා ආයතන ද රජයේ නියාමනයට යටත් කෙරෙනු ඇත. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කරන ආයතන පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,054

Leave A Reply

Your email address will not be published. Required fields are marked *