කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (11) ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින්.
ලක්ෂ 5 ක ශරීර ඇප මත මෙම සැකකරැවන් මුදා හැරිමටයි නියෝග කර ඇත්තේ.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා
එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා පැවසුවා.
කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනුණි.























