”අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශය කරන්න”

ජනාධිපතිවරණයේ දී අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කරගෙන ඉදිරියට යන ශ්‍රී ලංකාවක් බිහි කරන බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග එක්ව කටයුතු කිරීම සඳහා “පුළුවන් ශ්‍රී ලංකා ” මැයෙන් සම්මුතියකට එළැඹීම සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශ්ව 34ක් මෙම සම්මුතියට එළැඹුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *