අනිද්දා පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අනිද්දා සිට උතුරු , උතුරුමැද , නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල , මාතර , කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකියි.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *