මෙරට මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට වාර්තා වනවා.
එවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ පහළ යා හැකි බවටයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටින්නේ.
තවද මේ වන විට පලාත් පාලන මැතිවරණයද පවත්වන්නට සියල්ල සූදානම් වන මොහොතක ඉන්ධන මිල ගණන් ද බොහෝ විට ජනතාවට දැනෙන ගණනකින් අඩු කරනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ