”අනුරාධපුරට භූ කම්පනයක් සිදුව නැහැ”

අනුරාධපුර නගරයේ අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

පස්වරු 1.25ට පමණ නිවසක සාලයේ අතුරා තිබූ ටයිල් කැට කිහිපයක්, විශාල ශබ්දයක් සහිතව පොළොවෙන් මතුව තිබූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

එමෙන්ම තවත් නිවසක දොර ජනෙල් සහ ඇඳක් දෙදරා ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

නමුත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ එවැනි භූ චලනයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *