අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ‘රජරට රැජිණ’ දුම්රියේ ගින්නක් හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.නිලධාරීන් පැවසුවේ, ගින්න හටගෙන ඇත්තේ දුම්රියේ එන්ජිමේ බවත්, සිද්ධියට හේතුව පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත්ය.අලුයම 5.00ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ මෙම දුම්රිය නැවත ස්ථානයට ගෙනැවිත්, එහි ගමන ඉදිරියට කරගෙන යාම සඳහා ආදේශක එන්ජිමක් සවි කර ඇත.මේ හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීම පැය දෙකකට වඩා ප්‍රමාද වූ අතර, අලුයම 7.30ට පමණ බෙලිඅත්ත බලා ගමන නැවත ආරම්භ කළ බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
 
 























