අනුරාධපුර රෝහලේ විමර්ශන වාර්තාව 24 වැනි දාට පෙර දෙන්න.. – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් ත්‍රිපුද්ගල කමිටුවට උපදෙස්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ පහසුකම් පිළිබඳ විමර්ශන වාර්තාව ලබන 24 වැනි දාට පෙර ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, ත්‍රිපුද්ගල කමිටුවට උපදෙස් දී තිබේ.

එම කමිටුවේ සභාපති ලෙස පත්කර ඇත්තේ, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතායි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරී ඩබ්ලිව් යූ. කේ. කෘෘස් මහත්මිය සහ ඕ. බී. ජේ ද සිල්වා මහතා කමිටුවේ සෙසු සාමාජිකයින්ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිදුවීමත් සමග වසර ගණනාවක් තිස්සේ රෝහලේ පවතින පරිපාලන ඌණතා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීමට පරිපාලනය අපොහොසත් වී ඇති බවයි.

රෝහල සතු ස්ථාවර සහ ජංගම වත්කම් සම්බන්ධයෙන් නිසි කළමනාකරණයක් නොමැතිවීම ද අමාත්‍යංශයට නිරීක්ෂණය වූ කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදාළ කමිටුව පත්කර ඇත්තේ, එම සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *