අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළා යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද(14) පස්වරුවේ ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ගල්නෑවේ පිහිටි ඔහුගේ නිවසේ තිබී අද පෙරවරුවේ ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණි.

වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිදුවීමට අධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සහෝදරිය ද ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ය.

What's your reaction?

Related Posts

1 of 640

Leave A Reply

Your email address will not be published. Required fields are marked *