අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ බැලීමට පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පත් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඒ බව තහවුරු කළේ ය.

විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ඇත.

මේ අතර අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අතවර කළා යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, අද පස්වරුවේ ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ගල්නෑවේ පිහිටි ඔහුගේ නිවසේ තිබී අද පෙරවරුවේ ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණි.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *